වසංගත සමයේ දැඩි බලාපොරොත්තුවෙන් සිටි දෙයක් අද දිවයිනට

covid19 Russia Moscow vaccination sputnic
By Sewvandhi Aug 31, 2021 01:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට එම එන්නත් මාත්‍රා 15,000 ක් දිවයිනට ගෙන්වා තිබෙනවා. කිලෝ ග්රැම් 178 ක් බරැති එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ප්‍රථමයෙන් ගෙනවිත් තිබුණා.

මේ අතර, පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියළිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා සැකසූ මුව ආවරණයක් (Herbal Mask) ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතා විසින් සෞඛ්‍ය අමාතයංශයේදී පිළීගන්වන ලදි.

නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත. එමෙන්ම ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් මෙහෙයවනු ලබන සහසක් නිමැවුම් තරගාවලියෙන් රන් සම්මානයද දිනා ඇති අතර සහසක් නිමැවුම් ජාත්‍යන්තර තරගාවලියේ හොදම නව නිපැයුම ලෙසද තෝරාගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ දේශීය නිෂ්පාදනයක් ලෙස මෙම නව නිර්මාණය වැදගත් වන බවත්, තමන් බටහිර වෛද්‍යවරියක් වුවත් දේශීය ඖෂධ සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබදව ධනාත්මකව සිතන අයෙකු බැවින් නිහතමානීව මෙම නිර්මාණය අගය කරන බවයි. මෙම නිර්මාණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද අමාත්‍යවරිය මෙහිදී යෝජනා කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සමන් හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ නව නිර්මාණ ශිල්පියකු ලෙස තමන් දේශීය ඖෂධ යොදා මුව ආවරණයක් නිර්මාණය කිරීමේ යෙදී සිටියේ කෝවිඩ් වසංගතය පැමිණීමට පෙර සිට බවත් ශ්වසන රෝගවලට ප්‍රතිකාරයක් ලෙස එය භාවිත කිරීමට ඇති හැකියාව සොයා බැලීමට එය සිදුකළ බවත්ය.

මෙහි සාර්ථකත්වයට හොඳම සහතිකය හිමිවූයේ කාර්මික තාක්ෂණික ආයතනය මගින් බවත් එම ආයතනය මඟින් කළ පර්යේෂණවල දී මෙම මුව ආවරණය හරහා බැක්ටීරියා සහ වයිරස ගමන් නොකරන බවට සහතික කර ඇති බවත් ඔහු මෙහිදී සදහන් කරන ලදි.

මේවන විට නව නිපැයුම් නිර්මාණ 22ක් සදහා පේටන්ට් බලපත්‍ර හිමිකර ගැනීමට සමන් හෙට්ටිආරච්චි මහතා සමත්ව ඇත. මෙම අවස්ථාවට කොළඹ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය හා සන්නිවේදන උපදේශක ගෝඨාභය සුමනසේකර, O2 හර්බල් හෙළ ඉන්ටනැෂනල් ආයතනයේ අධ්‍යක්ෂ චමල් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now