omicron ආසාදිතයින් හඳුනාගත් රටවල් සංඛ්‍යාව තවත් ඉහළට..WHO රතු නිවේදන නිකුත් කරයි..!
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මේ වනවිට වඩාත් වේගයෙන් ලොව රටවල් අතර ව්‍යාප්ත වෙමින් පවතී. දැනට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5න්ම රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24දක්වා ඉහළ ගොස් තිබේ.
ගෙවුණු පැය 24 තුළ, දකුණු අමෙරිකාවේ බ්‍රසීලය මෙන්ම නයිජීරියාව, නෝර්වේ, අයර්ලන්තය සහ සෞදි අරාබිය යන රටවලින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගැනුණි.
මෙසේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා අප්‍රිකාවේ රටවල සංචාරය කිරීමෙන් පසු ආපසු සිය රටට පැමිණි පිරිස්ය. කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ඔමික්‍රෝන් සමාජ ව්‍යාප්තියක් පැවතිය හැකි රටවල සංචාරයෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ. දිගුකාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ටත් එය අදාළ වන බව එම සංවිධානය පවසයි.
රටවල් ඉලක්ක කරගත් මහා පරිමාණ සංචාරක සීමා පැනවූ පමණින් නව ප්‍රභේදය රටින් රටට ව්‍යාප්තවීම පාලනය කළ නොහැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ. මෙවන් සීමා මගින් වසංගතය සම්බන්ධ නව සොයාගැනීම් සිදුකරන රටවල් අධෛර්යට පත් වන අතර එය ගෝලීය සෞඛ්‍ය ආපදාවන්ට හේතුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ඒ අනුව, මෙතෙක් එම ප්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වී ඇති රටවල් සහ ආසාදිතයින් සංඛ්‍යාවන් මෙසේ ය.
ඔස්ට්‍රේලියාව 7, ඔස්ට්‍රියා 1, බෙල්ජියම 1, බොට්ස්වානා 19, කැනඩාව 3, චෙක් ජනරජය 1, ඩෙන්මාකය 2, ප්‍රංශය 1, ජර්මනිය 4, හොං කොං 3, ඊශ්‍රායලය 2, ඉතාලිය 4, ජපානය 2, නෙදර්ලන්තය 14, පෘතුගාලය 13, දකුණු අප්‍රිකාව 77, ස්පාඤ්ඤය 1, ස්වීඩනය 1, එංගලන්තය 14, නයිජීරියාව 3, සෞදි අරාබිය 1.
ලොව පුරා ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සලකා රටවල් 70කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අප්‍රිකානු කලාපයේ රටවල් අතර සිය ගුවන් ගමන් තහනම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |