එන්නත් නොතකන මාරාන්තික කොරෝනා ‘එප්සයිලෝන්’ ලංකාවටත් එයි....?

covid19 vaccination gmoa delta epicylone
By Sithumi Aug 21, 2021 11:05 AM GMT
Sithumi

Sithumi

Report

ඩෙල්ටා වෛරසයටත් වඩා සියයට 20ක පැතිරීමේ වේගයක් සහිත සහ දැනට ඇති එන්නත් සඳහා ප්‍රතිරෝධයක් නොදක්වන මාරාන්තික එප්සයිලෝන් වෛරස ප්‍රභේදය ලංකාවටත් කඩිනමින් පැමිණිමේ ඉහළ අවදානමක් ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

මේ වනවිට කොවිඩ් 4 වැනි රැල්ලක්ද ඇරුඹී ඇති පාකිස්ථානයෙන් සහ ඉන්දියාව තුළින් මෙම ප්‍රභේදය වාර්තාවීමත් සමග අද හෙටම ලංකාවට එය පැමිණිමේ අවදානම ඉහළ ගොස් පවතින බවට ඔවුහු අවධාරණය කරති.

එප්සයිලෝන් වෛරස ප්‍රභේදයේ මතුව ඇති නව විකෘතීන් 3ක් නිසා එය දැනට ඇති එන්නත්වල ප්‍රතිශක්ති හැකියාව සියයට 70කින් පමණ දුර්වල කර දමන්නට සමත් වන අතර ස්වභාවිකව සෑදෙන ප්‍රතිදේහ මඟහැරීමට මෙම මාදිලිය සමත්වන හෙයින් එය වඩාත් මාරාන්තික බව වොෂිංටන් සරසවියේ පර් යේෂණ වාර්තාවක් තහවුරු කර තිබේ.

දකුණු කැලිෆොර්නියාවෙන් 2020දි මුල්වරට වාර්තා වූ CAL.20C, හෙවත් කැලිෆෝනියා මාදිලිය නැතිනම් B.1.429, ලෙස හැඳින්වූ ප්‍රධාන විකෘති 3ක් පමණ අලුතෙන් මතුව ඇති මේ ප්‍රභේදය අමෙරිකාවේ නිව්යොර්ක්හි දෙවැනි තැනට වැඩිම පැතිරීමක් පෙන්වූ අතර පසුව පාකිස්තානයේද ලාහෝරය දක්වාම පැතිර ගියේය. දැන් එය හිමාචාල් ප්‍රදේශය ඔස්සේ ඉන්දියාවටද පැමිණ හමාරය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now