අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන පහසුකම් සැලසෙන්නේ මෙහෙමයි.

Sinhala and Tamil New Year Srilanka Bus
By Wayomi Apr 15, 2024 02:33 AM GMT
Wayomi

Wayomi

Report

අද (15) සහ හෙට (16) අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ, මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා කියා සිටියේ, මේ අතර දුම්රියෙන් පැමිණෙන මගී ජනතාවට ද ඔවුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බවයි.