වහාම ක්‍රියාත්මක පරිදි අද දින මෙම පාසල් සියල්ලටම නිවාඩු - හේතුව මෙන්න
දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා අද (09) සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
නොවැම්බර් 08 වැනි ඉරිදා යෙදෙන දීපාවලි උත්සවය ජනතාවට උචිත අයුරින් සැමරීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට
වැවිලි හා සමාජ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ ඉල්ලීමකට අනුකූලව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් මෙම විශේෂ නිවාඩුව අනුමත කර තිබේ.
එමෙන්ම මෙම නිවාඩුව වෙනුවෙන් මඟහැරෙන අධ්‍යයන කටයුතු පියවා ගැනීම සඳහා එළැඹෙන නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දිනයේදී පාසල් පැවැත්විය යුතු බවට ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.