සෞදි අරාබියේ ඇරැම්කෝ කුළුණට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

By Mithu Nov 09, 2026 02:46 AM GMT
Report

සෞදි අරාබියේ රියාද් අගනුවර මධ්‍යම මූල්‍ය කලාපයේ පිහිටි ප්‍රකට ඇරැම්කෝ කුළුණ ඉලක්ක කර ගනිමින් යේමනයේ හූති කැරලිකරුවන් විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

හූති පාලනය යටතේ පවතින 'සබා'  පුවත් ඒජන්සිය හරහා නිවේදනයක් නිකුත් කරමින් කැරලිකරුවන් තහවුරු කර ඇත්තේ, සෙනසුරාදා දිනයේදී තමන් රියාද් හි ව්‍යාපාරික කලාපය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.

ගොඩනැගිල්ලට සිදුව ඇත්තේ "සුළු හානියක්" පමණක් බවත්, කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැති බවත් සෞදි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් BBC Verify මඟින් තහවුරු කරන ලද වීඩියෝ දර්ශනවලට අනුව මිසයිල හෝ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ගොඩනැගිල්ලේ එක් මහලකට දැඩි හානි සිදුවී ඇති අතර, මහල් කිහිපයක ජනෙල් වීදුරු ද බිඳී ගොස් ඇති බව දක්නට ලැබේ.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

මීට අමතරව රියාද් ගුවන්තොටුපළ සහ ඇරැම්කෝ තෙල් ගබඩා පහසුකම් වෙත ද වෙනම ප්‍රහාර එල්ල කළ බව හූති කැරලිකරුවන් පවසන අතර, සිය ගුවන් ආරක්ෂක පද්ධති මඟින් එල්ල වූ මිසයිල කිහිපයක්ම ගුවනේදී විනාශ කළ බව සෞදි අරාබිය සඳහන් කළේය.

සෞදි නායකත්වයෙන් යුත් සන්ධානය විසින් යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලැබූ බවට හූති කැරලිකරුවන් චෝදනා කිරීමෙන් දිනකට පසුව මෙම ප්‍රතිප්‍රහාර එල්ල වී තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රාජයේ සේවකයන් අද දැවැන්ත වැඩ වර්ජනයක් - කිසිවෙකු සේවයට වාර්තා නොකරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රාජයේ සේවකයන් අද දැවැන්ත වැඩ වර්ජනයක් - කිසිවෙකු සේවයට වාර්තා නොකරයි

පසුගිය ජූලි මාසයේ සිට සටන් විරාමය බිඳ වැටීමත් සමඟ හූති කැරලිකරුවන් සහ සෞදි හිතවාදී යේමන රජයේ හමුදා අතර දරුණු ගැටුම් හටගෙන ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි ගැටුම් යළි ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයින් 1,600 කට වැඩි පිරිසක් මියගොස් 300,000 කට අධික පිරිසක් අවතැන් වී සිටිති.