සියලුම ජනතාවට දැනුම්දීමක් - අද සිට 14 දක්වා රජය මගින් අතිවිශේෂ සතියක් ප්‍රකාශයට සියල්ල දැනුවත් කරයි
ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (09) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව අද සිට එළඹෙන 14 වැනිදා දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවන් නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පිරිසිදු කිරීම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් සංවිධානය කිරීම මෙන්ම මෙහෙයුම් මැදිරියක් මඟින් දෛනික කටයුතු අධීක්ෂණය කිරීම ද සිදු කෙරේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, 'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන රැසක් ද මෙම මර්දන වැඩසටහන සඳහා හවුල්කාර පාර්ශ්ව ලෙස එක්ව කටයුතු කිරීමට නියමිතය.