ලෝකයටම සුබ ආරංචියක් - ඉහළ ගිය තෙල් මිල යළි පහළට නව අගයන් මෙන්න

Report

ලෝක වෙළෙඳපොළේ WTI සහ Brent වර්ගවල බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.59ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව සියයට 0.59ක පහළ යාමකි.

එමෙන්ම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 1.06කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 97.31ක් ලෙස සටහන් වී තිබේ.

සියලුම ජනතාවට දැනුම්දීමක් - අද සිට 14 දක්වා රජය මගින් අතිවිශේෂ සතියක් ප්‍රකාශයට සියල්ල දැනුවත් කරයි

සියලුම ජනතාවට දැනුම්දීමක් - අද සිට 14 දක්වා රජය මගින් අතිවිශේෂ සතියක් ප්‍රකාශයට සියල්ල දැනුවත් කරයි

කෙසේ වෙතත්, Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය පෙර පැවැති ඩොලර් 95.89ක මිලට සාපේක්ෂව ඩොලර් 3.28ක හෙවත් සියයට 3.42ක ඉහළ යාමක් සමඟ අමෙරිකානු ඩොලර් 99.17ක් ලෙස සටහන් වී ඇත.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට සිදුවූ පසුබෑමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් සමනය වනු ඇති බවට වෙළෙඳපොළ තුළ ඇතිවූ අපේක්ෂා මෙලෙස බොරතෙල් මිල පහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

එමෙන්ම ඉරානය සමඟ පවතින ගැටුම් අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ප්‍රගතියක් අත්කර ගන්නේ නම් ඉරානයට එරෙහිව නව ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය උත්සන්න වීමේ අවදානම අඩුවීම ද මෙම මිල පහළ යාමට තවත් හේතුවක් වී ඇත.