භයානක අපරාධකරුවෙක් සමාජයේ.! දැඩි අනතුරු ඇඟවීමක් සමඟ පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්..?

police request heroin Kaludhura Chamindha Bob Male Beruwala beach side
By Sewvandhi Sep 08, 2021 10:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුදුර චමින්ද තාබ්‍රේවි නොහොත් “බොබ් මාලි” යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය 31 දා බේරුවල මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශය විසින් බහුදින යාත්‍රාවකදී අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ ග්‍රෑම් 288 ශ්‍රී ලංකාවට ගෙන්වීම මෙරට සිට මෙහෙයවූ ප්‍රධාන සැකකරු බවට මොහු හඳුනාගෙන තිබෙනවා.

සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 071-8592727/0112443333 හා 4 යන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා. 

ඡායාරූපයක් සහ සැකකරුගේ විස්තර පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha