කොළඹ නාටාමිවරුන් වෙනුවෙන් ආණ්ඩුව විශේෂ වැඩක් කරයි.
කොළඹ කොටුව ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා කම්කරු වෘත්තියේ යෙදෙන්නන් (නාටාමි) සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් වෙනුවෙන් ජංගම සෞඛ්‍ය සායනයක් කොටුව මහ පල්ලිය පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන, “Healthy Sri Lanka” යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරන ලදි.
මෙරට සියලු ජනතාවට ශාරීරික සහ මානසිකව සුවිශේෂී ජීවිතයක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන සති අන්තවල දුෂ්කර ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක වේ. එම අවස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව පවත්වා ඇති අතර, නාටාමි වෘත්තියේ තුන්දහසකට ආසන්න පිරිසක් මෙහිදී සම්බන්ධ විය.
සෞඛ්‍ය සායන අවස්ථාව තුළ අක්ෂි සායනය, දන්ත සායනය, දියවැඩියා පරීක්ෂාව, ශ්වසන පද්ධතියේ රෝග පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශක පරීක්ෂාව, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් සහ රුධිර සීනි පරීක්ෂා, ආයුර්වේද වෛද්‍ය සේවා, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම සහ පෝෂණ උපදෙස් ලබා දීම ඇතුළු විශාල වෛද්‍ය පරීක්ෂණ පැවැත්විය.
මෙම සායනයට සහභාගී වූ නාටාමි වෘත්තියේ පුද්ගලයින්ගෙන් බහුතරය සර්වාංග රෝග පරීක්ෂාවට සහභාගී වී, ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා නොමිලේ ඖෂධ ලබා දීම සිදු කළ අතර, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් රජයේ රෝහල්වල සායන වෙත යොමු කෙරිණි.