විශේෂ සාකච්ඡාව අතරතුර දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට මේ දැන් දුන් තීන්දුව
By Mithu
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර තිබේ.
ඒ මාතර දිසාපති කාර්යාලයේ අද (27) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
මීට අමතරව හෙට (28) පැවැත්වෙන පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් අතිරේක පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් යෙදවීමට ද මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය වී ඇත.