මන්නාරම් දිස්ත්‍රීක්කයේ දරුවන්ට විශේෂ පොලිස් සහ යුද හමුදා ආරක්ෂාවක්.

Sri Lanka Army Sri Lanka Police Sri Lanka
By Wayomi May 10, 2023 09:26 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල මන්නාරම දිස්ත්‍රීක්කයේ ඉගෙනුම ලබන පාසල් ළමුන්ට ආරක්ෂක අංශ වලින් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

ඒ, මන්නාරම දිස්ත්‍රීක්කයේ ඉගෙනුම ලබන පාසල් ළමුන්ව කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමේ උත්සහයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟයි.

පසුගිය දිනක වෑන් රියකින් පැමිණි කිසියම් නාදුනන පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා තිබෙන අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සඟ ප්‍රදේශවාසීන්ට බිය වූ පිරිස අදාල වෑන්රියෙන් පළා ගොස් තිබෙනවා.

අනතුරුව මේ පිළිබඳ අදාල පාසල් ළමුන්ගේ මව්පියන් විසින් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

ඒ, අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් වලටත් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුද හමුදාව යොදවා තිබෙන අතර විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසටත්ය.

එලෙස පාසල් ළමුන් පැහැරගැනීමට උත්සහ දැරූ එම පිරිස කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර අදාල සිද්ධිය සම්බන්ධව පුළුල් පරික්ෂණයන් යුදහමුදාව සහ පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW