ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්
Weather
Rain
Sinhala news
By Mithu
අධික වැසි තත්වයත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙයි.
එසේම එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්වයංක්‍රීයව විවෘත වනු ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ හේතුවෙන් ජලාශයට පහළින් සිටින පිරිස් ඒ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස ආපදා කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ නමුත් අද වැසි තත්ත්වෙ අඩු වීමක් දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි..
