දේශපාලන පක්ෂ වලට විශේෂ දැනුම්දීමක්. - මෙවර මැතිවරණ වියදම් නියාමනය වෙන්නේ මෙහෙමයි.

Election Commission of Sri Lanka Sri Lanka Politician Election
By Wayomi Feb 27, 2024 07:03 AM GMT
Wayomi

Wayomi

Report

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අද (27) සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා කියා සිටියේ.

මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වනවා.

නමුත් අදාල පනත සම්මතවීමෙන් පසු එක් මැතිවරණයක් හෝ පවත්වා නොමැතිවීම හේතුවෙන් අදාළ පනතේ විධිවිධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.