ණය ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Loan The central bank
By Aruna Sep 09, 2021 08:51 AM GMT
Aruna

Aruna

Report

ණය ගනුදෙනුකරුවන් සඳහා ලබාදී ඇති ණය සහනය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව සියලු බලපත්‍ර ලාභි වාණිජ බැංකු වෙත නිවේදනය කර තිබෙනවා.

ඒ, මේ වන විට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්.

ණය ගනුදෙනුකරුවන් සඳහා අදාළ සහන කාලය පසුගිය මස 31 වනදායින් අවසන් වුණා.

මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට නොඅඩු වන සේ බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබාදීමට සලකාබලන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ලබන වසරේ ජනවාරි මස සිට සිය ණය වාරික ගෙවීම ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස්කර ගැනීමට මෙම ණය සහන කාලය උපකාරි වනු ඇති බව මහ බැංකුව පෙන්වාදී තිබෙනවා.

මෙම ණය සහනය සඳහා සුදුසුකම් ඇති ගනුදෙනුකරුවන්ට අදාළ බැංකු වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා අංශයේ දුරකතන අංක 1935 හෝ 011 2 477 966 හෝ 011 2 477 129 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha