දිනක් රෝහලේ නවතින්නයි පුද්ගලික රෝහල් දන්වයි..?

Antigen test PCR ayurwedik medicine Private hospital
By Sewvandhi Aug 30, 2021 06:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරිම පෞද්ගලික රෝහල් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

එම පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද උපරිම මිල හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. රුපියල් දෙදහක් ලෙස උපරිම මිල නියම කර ඇතත් එම මිලට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ නොහැකි බව කියමින් පෞද්ගලික රෝහල් හා රසායනාගාර එම පරීක්ෂණ සිදු කිරීම අතහැර දමමින් සිටී.

ඇතැම් පෞද්ගලික රෝහල් දන්වා ඇත්තේ මුදල් ගෙවා දිනක් වාට්ටුවක නතර වන්නේ නම් පමණක් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ හැකි බවයි. මෙම තත්ත්වය මත සැක සහිත පුද්ගලයන් පරීක්ෂණ කර ගත ගැනීමට නොහැකිව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 5,350ක් අද (30) දිනයේ දත්ත පද්ධතියට එකතු කළේය.

ඒ සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 431,519ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔවුන් සඳහන් කළේ එම ආසාදිතයින් පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකෙරුණු PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් හඳුනාගත් රෝගීන් බවය. 

එමෙන්ම, බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරිණි.

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එය සංවිධානය කර තිබේ. එහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදුකෙරිණි. වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ, කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ තබාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුවෙන බවද බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු දිනපතා සිදුකරනු ලබයි.

ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරවලට යොමුවෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තක් දක්වන කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝධායන වන පවුල් සඳහා එම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now