උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වෙනස්වීම ගැන විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Jan 02, 2024 07:58 AM GMT
Aruna

Aruna

Report

පවතින වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එම විභාග මධ්‍යස්ථානයේ දී විභාගය සඳහා පෙනී සිටීමට සිටි අපේක්ෂකයින් සඳහා ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ නව විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වෙනස්වීම ගැන විශේෂ දැනුම්දීමක්.. | Special Notice About Change Of Exam Center

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (04) සිට ආරම්භ වීමට නියමිතව ඇත.

අයැදුම්පත් නොලැබී ඇති අපේක්ෂකයින් හට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයැදුම්පත්‍ර භාගත කර ගත හැකි බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර අ.පො.ස උ/පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තෑ හයක් පෙනී සිටිමට නියමිතව ඇත.

ReeCha