ගුවන්තොටුපළක ගින්නක්: 18 දෙනෙකුට තුවාල

Report

ස්පාඤ්ඤයේ පල්මා ඩි මයෝර්කා ගුවන්තොටුපළේ ගුවන් යානයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම සිදුවීම අද (05) අළුයම 12:30ට පමණ සිදුව ඇති අතර, අදාළ ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට එංගලන්තයේ මැන්චෙස්ටර් ගුවන්තොටුපළ වෙත ගමන් කිරීමට නියමිතව තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනාගෙන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

ජනපතිගේ ගජමිතුරා කුණුහරුපෙන් අමතයි

ජනපතිගේ ගජමිතුරා කුණුහරුපෙන් අමතයි

ඉතිරි තුවාලකරුවන්ට සුළු තුවාල සිදුව ඇති බවත්, ඔවුන්ට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබාදී ඇති බවත් වාර්තා වේ.

ගුවන්තොටුපළේ ගිනි නිවන භටයින්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, සහ අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඇතිව ගුවන් යානයේ ඇතිවූ ගින්න වහා මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

ගින්න හටගත් හේතුව සහ එහි ව්‍යාප්තිය පිළිබඳව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර, ගුවන්තොටුපළ බලධාරීන් මෙම සිදුවීම හේතුවෙන් ගුවන් ගමන්වලට ඇතිවිය හැකි බාධා සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට කටයුතු කරමින් සිටී.

උපාධිධාරීන්ට වැටුප් ඉහල නංවයි?

උපාධිධාරීන්ට වැටුප් ඉහල නංවයි?

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්

අද ලග්න පලාපල – 2025 ජූලි 05 | අද ඔබේ ලග්නය කියන දිනෙක ජීවිතය හැරවෙන හැඟීමක්