බැඳුම්කර වංචාවට සජබේ ඇතුළු මන්ත්‍රීවරු 10ක් විමර්ශනයට
මෙරට මහා ආන්දෝලනයටත් හේතු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ එම සිදුවීම යටපත් කිරීම සඳහා මත්පැන් සමාගමකින් කෝටි ගණනින් මුදල් හා විශේෂ වරප්‍රසාද ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම චෝදනා වලට ලක්ව සිටින්නන් අතර, සමගි ජනබලවේගය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සිටින බව CID ආරංචි මාර්ග තහවුරු කරයි.
අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් කීප දෙනෙකු මැයි 2015 බැඳුම්කර සිද්ධිය මුල්වීමේදී දැඩි විවේචනයකට ලක් කළද, පසුව ඔවුන්ට එම මත්පැන් සමාගම මඟින් මුදල් සහ විශේෂ වරප්‍රසාද ලබා දීමෙන් අනතුරුව, ඔවුන් එම විවේචන නතර කර නිහඬව සිටීම පූර්වCID පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මෙම වරප්‍රසාද වලට සාක්ෂියක් ලෙස එම මන්ත්‍රීවරුන්ට නිකුත් කළා යැයි සැලකෙන චෙක්පත් කිහිපයක් මේ වනවිට CID භාරයට ගෙන ඇති අතර, එම චෙක්පත් සම්බන්ධයෙන් නව පරීක්ෂණ වටයක්ද ආරම්භ කර තිබේ.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධ මුල් පරීක්ෂණ මෙහෙයවීම සිදු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසිනි.
ඔහු CID අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අදාළ පරීක්ෂණ ක්‍රියාවලිය කල් දැමුණද, ඔහු නැවත CID අධ්‍යක්ෂ ධූරයට පත් කිරීමත් සමඟ, මෙම ගැඹුරු විමර්ශන නැවත සක්‍රීයව ක්‍රියාත්මක වීම සිදුවී ඇත.
