උසස් පෙළ හා ශිෂ්‍යත්ව සිසුන්ට විශේෂ දැනුම්දීමක්
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
මෙම අයදුම්පත් කැඳවනු ලබන්නේ මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේයි. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් 2021.07.05 දින සිට 2021.07.30 දින දක්වා කැඳවනු ලැබුව ද රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමිනුයි අයදුම්පත් මාර්ගගතව කැඳවීමේ අවසාන දිනය 2021.09.15 දින දක්වා දීර්ඝ කර ඇත්තේ.
මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකු ම අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමවේදය මගින් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. ඒ අනුව, මාර්ගගත (Online ) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම (Mobile App ) “ DoE” වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරිදි මාර්ගගත (Online ) ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වනවා.
මෙම විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name ) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතුයි. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
