කොවිඩ් සමයේ ආහාර ගැන සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්..!

By Sewvandhi Aug 23, 2021 11:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් රෝගය වැලැක්වීමට හෝ කොවිඩ් ආසාදිත වූවන්ට මූලිකව සිදුකළ යුත්තේ ආහාර සමබරතාව සහ සජලනීය භාවය බව සෞඛ්‍ය අංශ පවසයි. හිතුමතේ විටමින් වර්ග ගැනීමෙන් අතිරේක ආරක්ෂාවක් නොලැබෙන බවයි කොළඹ වෛද්‍ය පීඨයේ පෝශණවේදය පිලිබඳ මහාචාර්ය රනිල් කරුණාරත්න මහතා පවසන්නේ.

කොවිඩ් සමයේ ආහාර ගැන සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්..! | Special Announcement From Health Units About Foods

එම උපදෙස් අනුව-:

01.තුන් වේලක් ආහාරගැනීම අනිවාර්‍ය වේ. බොහෝ අය මේ කාලයේදී ආහාර වේල් අඩු කරන නමුත් එය අනුමත කළ නොහැක.

මීට පෙර රාජකාරි කාල වලදී ශරීරයට පුරුදු වූ වේලාවටම ආහාර ගැනීමත් වැදගත් වේ.

02.ඔබේ ආහාර වේල පිෂ්ටය සහිත විය යුතුය.

මෙරට ආහාර සම්ප්‍රදාය අනුව ප්‍රමාණවත් පිෂ්ඨය ජනතාවට ඇබෙන බව වෛද්‍ය මතය වේ.

03.ප්‍රෝටීන් ප්‍රමාණයද අවශ්‍ය මට්ටමට ලබා ගැනීම වැදගත් වේ.මස් මාංශ වලින් හෝ ඇට වර්ග වලින් එය සම්පූර්ණ කරගත හැකිය.

04.වඩාත්ම වැදගත් වන්නේ විටමින් ප්‍රමාණයයි.

ප්‍රතිශක්තිය පදනම් වන්නේ මූලිකව විටමින් සමග බැවිනි. ඒ අනුව දිනපතාම එළවළු හා පළතුරු මගින් විටමින් ශරීරයට ලබා ගැනීම වැදගත් වේ. සාමාන්‍ය ප්‍රමාණ වලින් මේවා දිනපතා ගතයුතුය.උදාහරණයක් ලෙස එක පළා මිටියක් කොටස් වලට බෙදා දින කීපයක් ලබා ගැනීම වඩා වැදගත්වේ. හේතුව ශරීරයේ විටමින් පදාර්ථ වැඩි කාලයක් රඳා නොපවතී.

කොවිඩ් සමයේ ආහාර ගැන සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්..! | Special Announcement From Health Units About Foods

05.මේදයද සංතෘප්ත සහ අසංතෘප්ත ලෙස මිශ්‍ර වශයෙන් ගත හැකිනම් වැදගත් වේ.

අසංතෘප්ත මේදය සඳහා ඇට වර්ග වල තෙල් ලබාගතයුතු වේ. සංතෘප්ත මේදය පොල් තෙල් වලින් ලැබේ.

06.අතිරේකව විටමින් ලබාගැනීමේදී විටමින් සී ආහාර මගින් අවශ්‍ය ප්‍රමාණයට සිරුරට ලැබෙන බව වෛද්‍ය මතය වේ.

යමෙකුට විටමින් ඌණතාවක් ඇත්නම් පමණක් ඒවා පිටතින් ලබාගත හැකිය.නමුත් මේ දිනවල ජනතාව ගෘහස්ථ ලෙස ජීවත් වන නිසා විටමින් ඩී සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය හැකිය.

එබැවින් මෙන්ම ආහාර මගින් විටමින් ඩී වැඩිපුර නොලැබෙන බැවින් වෛද්‍ය නිර්දේශ මත සුළු මට්ටමකින් විටමින් ඩී බාහිරව ලබාගත හැකි බව වෛද්‍ය වරු පවසයි.

07.ආහාර මෙන්ම ජලයද මේ දිනවල ශරීරයට අත්‍යවශ්‍ය වේ. එබැවින් සෑම පැයකටම වරක් බැගින් ජලයපානය කරමින් එම ප්‍රමාණය ලීටර් දෙකක් මට්ටමේ පවත්වාගැනීම වැදගත් වේ. ඕනෑම වර්ගයක පානයක් සුදුසු වියහැකි නමුත් කොවිඩ් සුව වන පානවර්ග ලෙස විශේෂ පානවර්ගයක් නොමැති බවද වෛද්‍ය වරු පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now