සියලූම ආයතන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

covid19 PHI delta heath ministry
By Sewvandhi Sep 04, 2021 06:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. පත්කරනු ලබන අදාළ නිලධාරියා විසින් ආයතනික මට්ටමින් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා රෝගීන් කළමනාකරණය, වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සමග සමීබන්ධීකරණය ඇතුළු කටයුතු සිදු කළ යුතු වනවා.

කොවිඩ් කාර්යභාර නිලධාරියෙක් පත් කිරීම මගින් කොවිඩ් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් පහළ යනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කළේ.

- - - - - - - - - - - - - - - - - -


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now