සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ නිවේදනයක්..!
සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මේ වෙනුවෙන් කැපකිරීම් කළ සැවොම අගය කරන්නේ නම් එම අගය කිරීමට දිය හැකි උපරිම වටිනාකම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස රකිමින් ජනතාව ලබා දෙන සහයෝගය යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. හෙට අලුයම සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරමින් යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කල බවයි සෞඛ්‍ය අමාත්යංශය නිවේදනය කළේ.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
“කොවිඩ් වසංගතය සමග සමස්ත ලෝකයම ප්‍රශ්න හා ගැටළු වල පැටලී සිටින අවස්ථාවකි මෙය. රටක් හැටියට ගත යුතු තීරණ ගණනාවක් විද්‍යාත්මක පදනම් තුල සිටිමින් අපට ගැනීමට සිදු වුණා. එම තීන්දු සියල්ල මිහිරි තත්ත්වයේ එ්වාම නොවෙයි. සමහර අවස්ථාවල අමිහිරි තත්ත්වයන්ටද අපට මුහුණ දීමට සිදුවේ. ව්‍යාපාර, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජිවිත මෙන්ම ආදායම් මාර්ග සම්බන්ධව රටක් ලෙස කටයුතු කළ යුතුයි.
ආර්ථික වේගය ඉදිරියට ගෙන යාමට මෙන්ම එ් හා බැඳුණු ප්‍රශ්න වලට අප රටක් ලෙසින් මුහුණ දිය යුතු වේ. මේ මොහොතේද අප එයට මුහුණ දෙමින් සිටී.සෞඛ්‍ය උපදෙස් වලට උපරිම අවකාශයක් ලබා දෙමින් බොහෝ දුරට මෙය පාලනය කිරීමට පසුගිය වකවානුව තුළ විවිධ අවස්ථාවනහ්දී තීන්දු තීරණ රැසකට එළඹීමට සිදු විය. සමහර පිරිස් හට කිවහැකිය හැකිනම් රට මුළුමනින්ම මාස තුනකට වසා දමන්න කියා. එහෙත් රටේ ආර්ථික, සමාජ වටපිටාව සැලකිල්ලට ගත යුතුයි. විටින් විට ඇති වූ තත්ත්වයන් මත රට වසා දැමීමට සිදු විය. මේ තුළ හොඳ- නරක, නින්දා -ප්‍රශංසා ගැරහුම් ආදී සියල්ල එල්ල වීම සාමාන්‍ය දෙයකි.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |