ප්‍රධාන මාර්ගයක් භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්
උතුරු පළාතෙහි A-9 ප්‍රධාන මාර්ගයේ දෙපස අවිධිමත් ලෙස දිවා සහ රාත්‍රී කාලය තුළ වාහන නවත්වා තැබීම පිළිබඳ විශේෂ දැනුම්දීමක් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා විසින් සිදුකර තිබේ.
ඒ අනුව වන්නි, කිලිනොච්චි,යාපනය, මුලතිව් සහ මන්නාරම යන දිසාවන් සහ කොට්ඨාසවලට අයත් සහ මාර්ග සංවර්ධන අධිකායේ සහයෝගය ලබාගෙන වාහන නතර කිරීමට සුදුසු ස්ථානයක් හඳුනා ගන්නා ලෙසත් රියදුරන් ඒ පිළිබඳ ව දැනුවත් කරන ලෙසත් දන්වා ඇත.
අනාරක්ෂිතව වාහන නතර කරන ස්ථාන සඳහා "වාහන නතර කිරීම තහනම්" යන පුවරු ප්‍රදර්ශනය කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ. එම කාර්යයන් ඉටුවන තෙක් රියදුරන් අපහසුතාවයකට පත් නොකර අදාළ ප්‍රදේශයන්හි පොලිස් රථ වාහන නිලධාරින් යොදවා නිසියාකාරව සිදුකරන ලෙසත් ජගත් පලිහක්කාර දැනුම් දී ඇත.
එමෙන්ම 2021 වසරේ ජනවාරි 1 වනදා සිට ඔක්තෝබර් 1 වනදා දක්වා කාලය තුළ උතුරු පළාතේ මාරක රිය අනතුරු 128ක් වාර්තා වී ඇති අතර, මාරක රිය අනතුරුවලින් මරණ 134ක්, බරපතළ සිද්ධි 23ක්, සුළු තුවාල සිද්ධි 308ක් ද වාර්තා වී තිබේ.
සෑම විටම තම රථය ධාවනය කිරීමට ප්‍රථම නිවැරදියි මනසකින් යුක්තව කටයුතු කරන ලෙසත්, ආසන පටි පැලඳමින් රක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත්, නිවැරදි මන්තීරු වේග සීමා පාලනය කරමින් රිය අනතුරු අවම කර ගැනීමට වග බලා ගන්නා ලෙසත් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
