කිරිපිටි මිල ගැන රජයෙන් ප්‍රකාශයක් (VIDEO)

ECONOMIC MILK POWDER D.BHERATH IMPORT CUSTORMERS
By Sewvandhi Aug 07, 2021 04:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ කිසිසේත් කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මේවන විටත් දියර කිරි ප්‍රචලිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

"මේ රටේ සියයට 40ක් තමා අපි කිරි හදන්නේ අපිට ඕන කරන ප්‍රමාණය. අපි ඒක සියයට 100කින් සම්පුර්ණ වෙන්න ඕනේ. එහෙම වුණාම තමා අපි කිරි පිටරටින් ආනයනය කරන එක නවත්වන්නේ. පාරිභෝගිකයා අපිට තෘප්තිමත් කරන්න ඕනේ. හැබැයි අපි කිරිවලින් ස්වයං පෝෂිත වෙන්න ඕනේ. කිරි ස්වයං පෝෂිත වෙනවා කියන්නේ පිටරටින් කිරි ආනයනය කරන එක නවත්වනවා. අපිට මේක ක්ෂණිකව කරන්න බැරිවෙයි. අවුරුදු 2 - 3 ඉලක්කයක් එක්ක‍ ඒක කරන්න පුළුවන් වෙයි. ඒ වෙනුවෙන් තමයි අද අපි පත්වීම් දීලා මේ තවත් පිරිස් එකතු කර ගන්නේ. කොවිඩ් තත්ත්වය සමඟ යම් යම් භාණ්ඩ රටට ආනයනය කරන එක හිඟයක් තියෙනවා. කිරිපිටිත් ඒ මට්ටමට තියෙන්න පුළුවන්. ලංකාවේ පාරිභෝගිකයින් බයවෙන්න දෙයක් නෑ. අපිට කිරි දැනට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඒ විතරක් නෙමෙයි දියර කිරි ජනතාවට ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලකට යොමුවෙලා තියෙනවා." ප්‍රශ්නය - කිරිපිටි මිල වැඩි කිරීමේ සුදානමක් තියෙනවා ද? "

කිරිපිටි මිල වැඩි කිරීමේ උවමනාවක් නෑ. එහෙම අපේක්ෂාවක් අපි ළඟ නෑ. ජනතාවට බිය වෙන්න ඕන කමක් නෑ. ජනාධිපතිතුමා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම අවහිර කරන්නේ නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha