පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් දෙකට කථානායකවරයාගේ සහතිකය

Report

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සත්ත්ව පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව, සත්ත්ව පනත් කෙටුම්පත 2026 අංක 19 දරන සත්ත්ව පනත ලෙසත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත් කෙටුම්පත 2026 අංක 20 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත ලෙසත් නිල වශයෙන් බලාත්මක වේ.

හිටපු අමාත්‍ය කෙහෙළියට ඇප

හිටපු අමාත්‍ය කෙහෙළියට ඇප

පසුගිය අගෝස්තු 6 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 1958 අංක 29 දරන සත්ත්ව පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත මඟින් “සත්ත්ව” සහ “සතකු” යන යෙදුම්වල නීතිමය අර්ථ දැක්වීම් පුළුල් කරමින් එළුවන්, ඌරන්, බැටළුවන් සහ කුකුළන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් පනතේ විධිවිධාන වඩාත් පැහැදිලි කර ඇත.

මේ අතර, 1974 අංක 24 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත සංශෝධනය කිරීම හරහා ජල සම්පාදන හා අපජල කළමනාකරණ සේවා සම්බන්ධයෙන් මණ්ඩලයේ බලතල ශක්තිමත් කෙරේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක් - සේවාවන් සියල්ල සම්පූර්ණයෙන්ම ඔන්ලයින් වෙයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩක් - සේවාවන් සියල්ල සම්පූර්ණයෙන්ම ඔන්ලයින් වෙයි

කාර්මික වතු, කාර්මික උද්‍යාන සහ ප්‍රජා මූලික සංවිධාන සඳහා සේවා සැපයීම මෙන්ම තාක්ෂණික, පුහුණු, රසායනාගාර සහ උපදේශන සේවා පුළුල් කිරීමට ද මෙමඟින් ප්‍රතිපාදන සලසා තිබේ.