පළාත් පාලන සභිකයන්ගේ ධුර කාලය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..!

By Sewvandhi Jan 11, 2022 04:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19 වන දින දක්වා දීර්ඝ කෙරේ.

මෙහිදී නගර සභා 41ක, මහ නගර සභා 24ක සහ ප්‍රාදේශීය සභා 275ක සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now