ඉන්ධන පිරවුම්හළක සිදුවූ මංකොල්ලය වීඩියෝ සහිතයි - (CCTV VIDEO)
අද (29) උදෑසන 6ට පමණ ඉන්ධන පිරිවුම්හළක මුදල් කොල්ලයක් සිදුවී තිබේ. ඉන්ධන ලබාගැනීමේ මුවාවෙන් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එහි සේවකයෙකුට තියුණු ආයුධයක් පෙන්වා එලෙස මුදල් කොල්ලකා ඇත.
සිද්ධිය ඇතිවී තිබෙන්නේ මහරගම ඉන්ධන පිරවුම්හළකදීය. රුපියල් 45,000ක මුදලක් එලෙස සැකකරුවන් විසින් කොල්ලකා ඇති අතර තවත් සේවකයෙකු පැමිණීමත් සමග සැකකරුවන් යතුරුපැදිය දමා පළාගොස් තිබුණි. මුදල් කොල්ලකෑමට පෙර සැකකරුවන් අවස්ථා 3කදී ඉන්ධන පිරවුම්හළ වෙත පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.
සිද්ධියෙන් කලබලයට පත්වූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මුදල් පසුම්බියද යතුරුපැදියේ දමා පළාගොස් තිබේ. යතුරුපැදිය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදිය අද අලුයම බොරලැස්ගමුව වැවපාර ප්‍රදේශයේ නිවසකින් සොරාගෙන ඇති බවය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලීසිය විමර්ශන සිදුකරයි. සිද්ධිය ඉන්ධන පිරවුම්හළ තුළ ඇති CCTV කැමරාවල සටහන්වී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |