පොලීසියෙන් මහ ජනතාවට විශේෂ දැනුම්දීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Politician Sri Lanka
By Aruna Sep 25, 2023 03:20 AM GMT
Aruna

Aruna

Report

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙනු ලබනවා.

භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

"ඔබගේ ආයතනයේ තිබෙන යම් භාණ්ඩයක් සොරකම් කරනවා ඔබ දුටුවොත් ඔබට ආරක්ෂක නිලධාරීන් ඉන්නවා විශේෂයෙන් සුපිරි වෙළෙඳ සැලක නම්, එම තැනැත්තාව පාලනය කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න.

නමුත් එයට විකල්පය පහරදීම නෙමෙයි. කිසිසේත්ම එය අනුමත කරන්න බැහැ. පහරදීමක් කරොත් අවසානයේ සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන්න කියලා මෙවැනි ආයතනවල ඉන්න කළමනාකරුවන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. ආයතනය තුළ වැරදි කරන අයෙක් සිටියොත් ආරක්ෂක අංශ හරහා යම් පාලනයක් කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න..."

ඝාතනයකින් කෙළවර වූ මත්පැන් සාදය..

ඝාතනයකින් කෙළවර වූ මත්පැන් සාදය..


ReeCha