තවත් ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීමට කැබිනට් අනුමැතිය.

Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Nov 26, 2024 06:14 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවා.

ඒ, අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්, තත්ත්කාර්ය කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැඳුම්කර හිමියන්ගේ එකමුතුව සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධව එකඟතාවට පැමිණ ඇත.

"ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සම්බන්ධයෙන් ඒ ණය දීමේ කමිටුව සමග කළ සාකච්ඡා යම් එකඟතාවයකට පැමිණ තිබුණා ජුනි මාසය වෙනකොට. කෙසේ නමුත් ස්වෛරී බැඳුම්කරවල තිබුණු සංකීර්ණත්වය නිසාම ඒක ප්‍රමාද වෙමින් තිබුණා. නමුත් සැප්තැම්බර් මාසයේදී අපිට හැකියාව ලැබුණා බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයේදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළා මේ ණයවල තියන සංයුතිය එහි ව්‍යුහය, ඒ ණය ආපසු ගෙවීමේදි ඒ කාලපරිච්ඡේදය තුළදී ආර්ථිකයට වන බලපෑම.

ඒ වගේම අපි දැනටමත් සම්බන්ධ වෙලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ එකඟතාවයට අනුකූලව ණය තිරසාරත්වය පවත්වාගෙන යන්න ඔනේ 95%ක් 2032 වෙනකොට. ඒ පරාමිතීන්ට අනුකූලව කලින් තිබුණ බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා." 

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

හැකිතාක් පහත ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන්න. - ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්.

හැකිතාක් පහත ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන්න. - ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්.


ReeCha