හෙට දිනටත් මේ පැති වලට අනතුරු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක්

Report

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට හෙට (27) මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

එම නිවේදනයේ සඳහන් වෙන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

මහජනතාව අවදානයෙන් ඉන්න - රටපුරාම මෙනින්ජිටිස් රෝගය ව්‍යාප්ත වෙලා ඉවරයි - වසංගත රෝග විද්‍යා ඒකකයෙන් උපදෙස් මාලාවක්

මහජනතාව අවදානයෙන් ඉන්න - රටපුරාම මෙනින්ජිටිස් රෝගය ව්‍යාප්ත වෙලා ඉවරයි - වසංගත රෝග විද්‍යා ඒකකයෙන් උපදෙස් මාලාවක්

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.