දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු
අද (27) දින දිවයින පුරා පිහිටි සියලුම පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන වසා තැබීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පෙරපාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එබැවින් සියලුම මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානවල පාලිකාවන් සහ පරිපාලක මණ්ඩල වෙත මෙම දැනුම්දීම සිදු කර තිබෙන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය දැනුම් දී ඇත.