දක්ෂිණ අධිවේගයේ වාහන එකිනෙක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුර

Sri Lanka Accident
By Sewvandhi Sep 22, 2022 07:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 4.2 ප්‍රදේශයට පැමිණි කබරයෙක් බේරීමට උත්සාහ ගැනීමේ දී සිදුවු අනතුරකින් වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. ලොරි රථයක් කබරයා බේරීමට උත්සාහ ගෙන ඇති අතර, එහිදී මගී බස් රථයක්, වෑන් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී ඇත.

අනතුර ඊයේ (21) සවස සිදුව ඇති අතර, එහිදී සුළු තුවාල ලැබූ තිදෙනෙක් රෝහල්ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පවසයි. අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දිශාවට තිබෙන මංතීරුවේ මියගොස් සිටි ඉත්තෑවෙකුගේ මළ සිරුරක් ආහාරයට ගනිමින් සිටි කබරයෙකු දුටු ලොරි රියදුරා එකවරම තිරිංග තද කර ඇති අතර, එහිදී කබරයාගේ සිරුර මතින් ලොරි රථය ධාවනය වී නතරව ඇත.

ඒත් සමග පිටුපසින් පැමිණි වෑන් රථය දැඩි පරිශ්‍රමයක් දරා නවතාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ. කෙසේවෙතත් අනතුරින් වෑන් රථයට අලාභ සිදුව ඇති අතර, එම දිශාවට ම පිටුපසින් පැමිණි කොළඹ - මාතර සුඛෝපභෝගී බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් ද අනතුරට ලක්ව තිබුණි.

අලාභ හානියට පත් සියලුම වාහන කහතුඩුව පොලීසිය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත. අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ගාමිණි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now