දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව අද ලංකාවේදී විවෘත වුණේ මෙහෙමයි. - (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka
By Wayomi Sep 17, 2024 01:53 PM GMT
Wayomi

Wayomi

Report

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කරනු ලැබුවා

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරේ. එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.

අද පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළා.

අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතා බහක නිරත විය.

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)


අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.

වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්තශාලාවේ කටයුතු 2015 වසරේදී ආරම්භ වුවද එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිවෙකු සහාය ලබා නොදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළා.

තමා රට භාරගත්තේ රට දියුණු කෙරෙන සංවර්ධනය ව්‍යාපෘති ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට බව අවධාරණය කළ ජනාධිපතිවරයා වසර දෙකකින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා වසර 10ක් ගත කිරීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක් අහිමි වූ බවද සඳහන් කළා.

එමෙන්ම මෙම නව කර්මාන්ත ශාලාව මගින් කුලියාපිටිය ඇතුළු මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම සැලැස්ම මෙන්න.

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම සැලැස්ම මෙන්න.


උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

අප මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම අනුමත කළේ 2015 වසරේදීයි. නමුත් එදා සිටම මීට විරුද්ධව විශාල විරෝධතා ගෙන ගියා. පාර්ලිමේනතුවේ පරීක්ෂණ කළා. අවසානයේ 2019 වසරේදී ආරම්භ කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අතපසු වුණා.

මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වැඩකටයුතු අද ආරම්භ වී තිබෙනවා. මේ කර්මාන්තශාලාව මඟින් වර්ෂයකට වාහන 50,000ක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මේ සමග අපට අපේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කර ගත හැකියි.

කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.

කවුරු ජනාධිපති වුණත් මාස හයකින් ආයේ රනිල් එනවා.


මෙම කර්මාන්තශාලාව වසර දෙකකින් ආරම්භ කිරීමට නියමිතව වුවද මේ සඳහා අපට වසර 10ක කාලයක් ගත වුණා. බොහෝදෙනා උත්සාහ කළේ මෙයට විරුද්ධව කටයුතු කිරීමටයි. කිසිවෙක් පක්ෂව වැඩකටයුතු කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ සියලුදෙනා උත්සාහ කළේ මෙම ව්‍යාපෘතිය නතර කර දැමීමටයි. මෙම කර්මාන්තශාලාව තුළින් රැකියා අවස්ථා උදාකර ගැනීමට තිබු අවස්ථා අප අහිමි කරගත්තා. ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීමට මම ඉඩ දෙන්නේ නැහැ.

මම මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්නේ මෙම වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමටයි. මෙම කර්මාන්තශාලාව කුලියාපිටිය දියුණුවේ එක කොටසක් බව කිවයුතුයි. මේ සමඟ කුලියාපිටිය දියුණුව ආරම්භ වෙනවා. අප බිංගිරියේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරනවා. ඒ වගේම සංචාරක කලාපයක් වෙනුවෙන් ඉරණවිල ප්‍රදේශයේ අක්කර 500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව සංචාරක සහ නිෂ්පාදන කලාපයක් මෙම ප්‍රදේශවලට ලැබෙනවා.

මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.

මැතිවරණ ජරමර අස්සේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස්. - ඒත් උසාවි ගේන්න බැරිවෙලා.


මෙම නව රැකියා අවස්ථා සමග පුහුණු පිරිස් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉංජිනේරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනීමටත්, පුහුණු පිරිස වැඩිකර ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. අප කුරුණෑගල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇති කරනවා. 21 වන ශතවර්ෂයේ මැද භාගයට අප ගමන් කළ යුතුයි. එය අතහැර යාමට හැකියාවක් නැහැ.

අද චීන සමාගම් මෙම අයෝජන සඳහා පැමිණ සිටින අයුරින් යුරෝපා සමාගම්ද ඉදිරියේ දි මෙහි පැමිණෙනවා. ඔවුන් සිටින්නේ අප නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වන තුරුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මෙරටට ණය ලබාදුන් රටවල් 18 සමග සාකච්ඡා කර තිබෙනවා. අප දැන් පුද්ගලික බැදුම්කරුවන් සමඟ අවසාන වටයේ සාකච්ඡාවල නිරත වෙනවා. එම එකඟතා අනුව අප ඉදිරියට යනවා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.


විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery