නවසීලන්ත කාන්තා පිල පරදා දකුණු අප්‍රිකා කාන්තා පිලට කඩුළු 06ක ජයක්
2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ මූලික තරග වටයේ නවසීලන්ත - දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර අද (06) පැවති තරගයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඒ පිළිතුරු ඉලක්කය වූ ලකුණු 232ක ඉලක්කය, පන්දුවාර 40යි පන්දු 05ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 234ක් රැස් කරගනිමින්ය.
මෙහිදි විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටස්මින් බ්‍රිට්ස් ලකුණු 101ක් රැස් කළ අතර, සුනේ ලූස් නොදැවී ලකුණු 83*ක්ද, ලෝරා වොල්වාඩ් සහ මැරිසන් කැප් ලකුණු 14 බැගින්ද රැස් කළා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඇමීලියා කර් කඩුළු 02ක්ද, ලියා ටහුහු සහ ජෙස් කර් කඩුළු 01 බැගින් දවාගත්තා. අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවර පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔවුන් පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 231ක් රැස් කළා.
එහිදී නවසීලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් සොෆී ඩිවයින් ලකුණු 85ක්ද, බෲක් හැලිඩේ ලකුණු 45ක්ද, ජෝර්ජියා ප්ලිමර් ලකුණු 31ක්ද, ඇමීලියා කර් ලකුණු 23ක්ද රැස් කළා. එමෙන්ම දකුණු අප්‍රිකාව වෙනුවෙන් නොන්කුලුලෙකෝ ම්ලාබා කඩුළු 04ක්ද, මරිසන් කප්, අයබොංග කාකා, නඩින් ද ක්ලාර්ක් සහ ක්ලෝයි ට්‍රයෝන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.