යුරෝපයේ ශීත ඍතුවත් එක්ක ලංකාවට සංචාරකයන්ගේ දැවැන්ත පිබිදීමක් - පෝලන්තයෙන් ගුවන් යානා 3ක් හිටිහැටියේ කටුනායකට

Report

යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ශීත ඍතු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පෝලන්තයේ ප්‍රධාන නගර තුනක සිට එන්ටර් එයාර් (Enter Air) ගුවන් සේවයට අයත් ගුවන් යානා තුනක් අද (6) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානා තුන සිය මංගල ගුවන් ගමන් ආරම්භ කරමින් මෙරටට පැමිණ ඇති අතර, ඒවා මඟින් පෝලන්ත සංචාරකයන් 550 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත.

ඒ අනුව පෝලන්තයේ කැතොවිස් (Katowice) නගරයේ සිට ඊ.එන්.ටී. 7607 දරන ගුවන් යානයක් ද, පොස්නන් (Poznań) නගරයේ සිට ඊ.එන්.ටී. 1913 දරන ගුවන් යානයක් ද, වෝර්සෝ (Warsaw) නගරයේ සිට ඊ.එන්.ටී. 1561 දරන ගුවන් යානයක් ද මෙලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

පොස්නන් නගරයේ සිට පැමිණි ගුවන් යානය අද උදෑසන 7.40ටත්, වෝර්සෝ නගරයේ සිට පැමිණි ගුවන් යානය උදෑසන 9.40ටත් කටුනායකට ළඟා වී ඇති අතර, කැතොවිස් නගරයේ සිට පැමිණි ගුවන් යානය ද අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

මෙම ගුවන් ගමන් සඳහා එන්ටර් එයාර් ගුවන් සේවය සිය ගුවන් යානා ඇණියට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානා තුනක් යොදවා තිබීම විශේෂත්වයකි.

ඩුබායි කාන්තාර රථ ධාවන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වූ ශ්‍රී ලාංකික 'මිච්' අභාවප්‍රාප්ත වෙයි

ඩුබායි කාන්තාර රථ ධාවන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වූ ශ්‍රී ලාංකික 'මිච්' අභාවප්‍රාප්ත වෙයි

මෙම ශීත ඍතු සංචාරක ගුවන් ගමන් වැඩසටහන යටතේ අද සිට සෑම දින 10කට වරක්ම පෝලන්තයේ එම නගර තුනේ සිට සංචාරකයන් රැගත් ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ අනුව මෙම ගුවන් ගමන් සේවා 2027 වසරේ අප්‍රේල් මස 2 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යුරෝපීය සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට ලැබෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු එළියට - ගුවන් යානා සහ සේවක වැටුප් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු එළියට - ගුවන් යානා සහ සේවක වැටුප් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්!