බහින්බස්වීම දුරදිග ගිහින් මාමගේ පොලු පාරෙන් බෑනා එලොව ගිහින්
By Mithu
ක්ෂණික කෝපය නිසා ඇතිවන ජීවිත හානි වගේම මරණ සංඛ්‍යාවද වර්තමානය වන විට ඉහළ ගොස් තිබේ.ඒ අනුව බහින්බස්වීමක් දුරදිග ගොස් සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳවයි මේ කතාව. දෙහිඕවිට, පබෝගම වත්තෙහි පෙරේදා (09 වැනිදා) පුද්ගල ඝාතනයක් සිදුවී ඇති බව දෙහිඕවිට පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ එම වත්තෙහි පදිංචි දිනේෂන් සෙල්වරාජ් නමැති වයස අවුරුදු 45ක පමණ විවාහක පුද්ගලයෙකි.
පෙරේදා දහවල් අවුරුදු 85ක් පමණ වන ඔහුගේ බිරිඳගේ පියා සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් පසු සැකකාර මාමා විසින් මියගිය පුද්ගලයාගේ හිසට පොල්ලකින් පහරදී ඇත. පහර කෑ පුද්ගලයා එම ස්ථානයේම මියගොස් තිබේ. සැකකරු දෙහිඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (10 දා) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. දෙහිඕවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.