ගුරුවරුන් පිරිසකගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් තීරණයක්.

Sri Lanka Politician Sri Lanka
By krishani Aug 26, 2023 01:42 AM GMT
krishani

krishani

Report

පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ සඳහන් කළේ ය.

ඒ පෙරේදා (24) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

එමෙන්ම ඒ සඳහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන් අධ්‍යාපන පනතේ ද සංශෝධන සිදුකළ යුතු බවත් එයට අදාළ යෝජනා සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ඒ මහතා පැවසීය.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 22ක් පුරා විහිදුණු මූලික, මහා, විද්‍යායතන, ද්වි භාෂා සහ සීල මාතා වශයෙන් ප්‍රධාන අංශ 5කින් සමන්විත පිරිවෙන් 822ක ප්‍රමාණයක් පවතියි.

එම පිරිවෙන් තුළ සාමණේර ස්වාමීන් වහන්සේලා 40,941ක් සහ ගිහි ශිෂ්‍යයන් 36,990ක් අධ්‍යාපනය ලබමින් සිටියි.

කෙසේ වෙතත්, පිරිවෙන් ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් 7591 ක් ද ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලයේ 8000කට අධික පිරිසක් සේවය කරයි.

ReeCha