තත්ත්වය භයානකයි - මෙරට කොවිඩ් මර්ධනයට නම් දැන් කළ යුතු දේ (VIDEO)

Sri lanka covid 19 Ranil wikrma singahe
By Sithumi Aug 08, 2021 10:14 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් මර්දනය සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. අද වන විට කොවිඩ් වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් රට තුළ ව්‍යාප්ත වී ඇති බවත් බොහෝ පිරිසක් දෛනිකව මියයන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එම සංඛ්‍යා ලේඛනවල ද ගැටලු ඇති බව කියා සිටියේය. 

එන්නත ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදුනොකර යුද හමුදාව යටතේ සිදුකිරීම පිළිගත නොහැකි බව ද පැවසු ඒ මහතා, වයස අවුරුදු 12ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදිය යුතු බව ද පැවසීය. වෛද්‍ය හා සෞඛ්‍ය කේෂ්ත්‍රය නිසාවෙන් ජීවිත බේරී තිබුණ ද අද වන විට ඔවුන්ට ද රජය ඇහුම්කන් නොදෙන බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, වෛද්‍යවරු ලොක් ඩවුන් කරන්න යැයි ඉල්ලා තිබිය දී එය ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කළ යුතුව ඇතැයි ද කියා සිටියේය. 

 "WHO ආයතනය යටතේ විශේෂඥයින්ගේ වෙනම කොමිටියක් තියෙන්න ඕනේ. අද එහෙම කොමිටියක් ලංකාවේ විතරයි නැත්තේ. අනෙක් හැම රටකම එහෙම කොමිටියක් තියෙනවා. වහාම වෛද්‍ය විශේෂඥයින් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කළ යුතුයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now