මෘදුකාංගය ඉංජිනේරුවා දැරියන් 3ක් කෙලසලා

By Mithu Jun 29, 2025 03:14 PM GMT
Report

එකම පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියන් තිදෙනකු වරින් වර සිය සුඛෝභෝගී නිවසට රැගෙන ගොස් ලිංගික අපහරණය කළ බව කියන 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. අතවරයට පත් 13 හැවිරිදි දැරියන් දෙදෙනකු සහ 16 හැවිරිදි දැරියක වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර ඇත. සැකකරු දැරියන් අපහරණය සඳහා නිවසට රැගෙන යාමට යොදාගත් ඔහුට අයත් අති සුඛෝභෝගී මෝටර් රථය සහ ඒ සඳහා පෙළඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගේ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් යන අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නන්වාගෙන යන අතරතුරදි ඇය සමග මිතුරු වී දහවල් කාලයේදී නිවසේ කිසිවකු නොමැති අවස්ථාවල තෙවරක් පාදුක්ක සිය නිවසට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. මීට තෙමසකට පමණ ඉහතදී මෙම දැරිය ඇය ඉගෙනුම ලබන පාසලේම අට වසර පන්තියේ දැරියක අමතා

" ඔයාට බෝයි ප්‍රේන්ඩ් කෙනෙක් ඉන්නවද ? නැහැ යැයි කියූ විට එක්කෙනකු ඉන්නවා. මම අඳුනලා දෙන්නද ? අසා ඇති අතර එම අවස්ථාවේදී අතවරයට පත් දැරියක් මට එයාගේ ෆොටෝ බලන්න ඕනේ යැයි පවසා තිබූ බව පොලිසිය කියයි.

මුහුදු අනතුරු වලක්වන්න – නව කමිටුවක් රජයෙන්

මුහුදු අනතුරු වලක්වන්න – නව කමිටුවක් රජයෙන්

අනතුරුව වස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගත් පරිදි ඉකුත් සිකුරාදා (27) ඔවුනොවුන් හමුවීමට තීරණය කර ඇති අතර ඒ බව සැකකරු සමග දුරකථනයෙන් සබඳතා පැවැත්වූ 13 හැවිරිදි දැරිය සිය මිතුරියකට දැනුම් දී ඇය ද සමග පෙම්වතා හමුවට යාමට එකඟතාවය පළ කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී සැකකරු දැරියන් දෙදෙනාව ඔහුගේ රාජකාරී කාමරය වෙත රැගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදුකර තිබූ බව පොලිසිය කියයි.

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි

ඉෂාක් වෙනුවෙන් ජනපති කළ දේ කෝටිය සම්පූර්ණයි