සමාජ මාධ්‍ය භාවිතා කරන අයට රතු එළියක්..මේ සතියේ කරන්න හදන දේ මෙන්න..
සමාජ ජාලා ඔස්සේ අපහාස කිරීම් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් සමාජ ආරක්ෂක පනත් කෙටුම්පතක් මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම සමාජ ආරක්ෂක පනත (Online Protection Act) ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
වසර 03 ක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාදවෙමින් තිබුණ මෙම පනත වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
සිංගප්පූරු රජයේ ප්‍රවීණයන්ගේද සහාය ගනිමින් මෙම පනත සකස් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය පත් කළ විශේෂ කමිටුවක් මගිනි.
හිටපු අධිකරණ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් මෙම පනත ගෙනඒම සඳහා කටයුතු යෙදුණු අතර ඔහුගෙන් පසුව අධිකරණ ඇමැති ලෙස පත් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පනත ගෙන ඒමේ අවසන් අදියර ක්‍රියාත්මක විය.
මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නිරීක්ෂණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපති උපදෙස්ද ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඉන්දීය රජයක් මෙවැනි පනතක් ගෙනවිත් තියෙනවා. කිසිම කෙනකුට මින් ඉදිරියට පදනමක් නැතිව සමාජ මාධ්‍යවලින් මඩගහන්න බෑ.
ඒහෙම කළොත් ඒ අය නීතිය හමුවට ගෙන ඒමට හැකිවෙනවා යැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රධාන පුවත් පතකට පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |