ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් කළ ලෝකෙටම කියූ වැඩේ..

By Sithumi Jun 09, 2022 03:15 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල මෙරට තරග සංචාරයකට එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරනවා. මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක් විසිනුයි.

මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් සහ රාජ්‍ය නොවන සංවිධායක සමඟින් එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයින් ඉදිරි මාස 4ක කාලවකවානුවේදී ජීවිතාරක්ෂක ආධාර සහ මානුෂීය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 47යි දශම 2ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් රැස් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර,ඔස්ට්‍රෙලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයට ද සහභාගි නොවන බව වාර්තා වනවා. දෙරට අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති පළමු තරගයේදී ඔහුගේ ඇගිල්ලකට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහු ආබාධයකට ලක්වූ අතර, දෙරට අතර එක්දින තරගාවලියට ද ඔහු ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී ඇති බව සඳහන්.