කොළඹ බේරේ වැව සුවඳ කරන්න රජය කරන්න යන අලුත්ම දේ...
කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමට පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව එම කටයුතු දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇති අතර ඩත්තු කටයුතු දිගටම සිදු කිරීමත් ඔවුන්ට පැවරී තිබෙනවා.
මෙහිදී ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරේ.
මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර අදාල ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක් පත් කර ඇත.
