ලංගම ගැන විශේෂ තීරණයක්..
කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස් රථ බෙදා දීමට අද (07) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා බස් රථ බෙදාදීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අතර වචන හුවමාරුවක් ද සිදුවුණු අතර රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල, බලන්ගොඩ සහ කලවාන යන ඩිපෝ සඳහා නව ලංගම බස්රථ බෙදාදීමක් රත්නපුර නව නගරයේදී අද පැවැත්වුණා.
ඒ, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර රජයේ මැති ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද එම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණා. මෙහිදී බෙදාදුන් බස් රථ සංඛ්‍යාව 23ක් වන අතර උත්සවයේ අදහස් පළ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස්. "මේ ජාතික අර්බුදයෙන් අපි ගොඩ ඒම සඳහා වෙන සාකච්ඡාවක් කරන්නට වෙනවා.
ඉතින් ඒ නිසා ප්‍රේමලාල් ජයසේකර මහතා එහෙම ඒ ගෙවල් ළඟ තියෙන පාරේ යන්න බැහැ කියලා එතන නිදාගෙන හිටියට මට කරන්න පුළුවන් ඇවිල්ලා ඇහැරවීම සඳහා වූ උදව්වක් කරනවා මිසක් පාර හදලා දීම කරන්න බැහැ.
මොනම හේතුවක් නිසාවත් ලංගම පෞද්ගලීකරණය කරන්නේ නැහැ. නමුත් අපි පොරොන්දුවෙලා තියෙනවා 2025 වන විට සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්ත්වයට පත් කරන්න."