පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න
පෞද්ගලික බස් රථවලට ඩිපෝ 103කින් ඉන්ධන නිකුත් කිරීම ඇරඹෙයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන්නේ පෞද්ගලික බස් රථ සඳහා ගමනා ගමන මණ්ඩලයේ ඩීපෝ මගින් ඉන්ධන ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙන බවයි
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති සහ දැනට මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා ඉන්ධන නිකුත් කරනු ලබයි.
එම ඉන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පෞද්ගලික බස් හිමියන් තම බස් රථය ගමනාගමන කොමිසමේ හෝ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ලියාපදිංචි වී ඇත්දැයි තහවුරු කිරිම අනිවාර්ය වේ.
දිවයින පුරා ඩීපෝ 107න් ඩිපෝ 103ක ඉන්ධන ලබාදිම සිදු කරන බව එහි සභාපති සූජීව කනකරත්න මහතා සඳහන් කරයි .
තවද එය තහවුරු කිරිමෙන් අනතුරුව අදාළ පෞද්ගලික බස් හිමියන්ට තම ගමන්වාරය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට ලංගම ඩිපෝ මගින් හැකියාව ලැබෙන බවද සභාපතිවරයා සදහන් කර තිබේ .