අධිවේගයේ රියැදුරන්ට පොඩි නින්දක් දාන්න ජොනීගෙන් තැනක්
president
sri lanka
Johnston Fernando
highway
sleeping place
By Sewvandhi
අධිවේගී මාර්ගවල ගමන් කරද්දී රියැදුරන්ට නින්ද යාම නිසා සිදුවන අනතුරු අවම කිරීම සඳහා වාහන නතර කර මඳක් නිදාගැනීමට හැකි ස්ථාන පිහිටුවීමට මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු තීරණය කර ඇත.
එම වැඩසටහන ලබන ජනවාරි මස දෙවන සතියේදී ආරම්භ කෙරෙන බව ඇමතිවරයා පැවසීය. මෙසේ ගිමන් හරින ස්ථාන පිහිටුවීමේදී රක්ෂණ සමාගම්ද එක්කර ගනිමින් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
දිනෙන් දින මහාමාර්ගවල සහ අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කළ ඇමතිවරයා දිනකට ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු අටක් පමණ සිදුවන බව ද පැවසීය.
පොලිසිය දැනුවත් කර ඔවුන් සමග අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු වැළැක්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |