ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පන්දුවාර 20 (T20) ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (19) මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වේ.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් එංගලන්ත කණ්ඩායම මේ වන විටත් 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන තිබේ.

රුසියානු සම්බාධක පනතට ට්‍රම්ප් අත්සන් තබයි - ඉන්දියාවටත් 100% දක්වා දැවැන්ත තීරුබදු අවදානමක්

රුසියානු සම්බාධක පනතට ට්‍රම්ප් අත්සන් තබයි - ඉන්දියාවටත් 100% දක්වා දැවැන්ත තීරුබදු අවදානමක්

ඒ අනුව, මුහුණ දුන් පළමු තරග දෙකෙන්ම පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ගෞරවය රැකගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන මෙම අවසන් තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වී ඇත.

මේ අතර, පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඊයේ (18) එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

අද සිට මේ නීතිය රට පුරා ක්‍රියාත්මකයි - රියදුරන්ට හා මගීන්ට අනිවාර්යයි - නොකළොත් නීතිමය පියවර

අද සිට මේ නීතිය රට පුරා ක්‍රියාත්මකයි - රියදුරන්ට හා මගීන්ට අනිවාර්යයි - නොකළොත් නීතිමය පියවර

ඔවුන් දෙදෙනා එළඹෙන එක්දින (ODI) තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය හා එක්වීමට නියමිතයි