පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් - උඩු දුවන තෙල් අර්බුද මැද සිපෙට්කෝ සභාපති කට අරී

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) සභාපති ජනක රාජකරුණා මහතා විසින් වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් රජය විසින් අය කරනු ලබන බව හෙළි කළ බව වාර්තා වේ.

ඒ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටිමින්.

ඒ අනුව සභාපතිවරයා මේ බව කියා ඇත්තේ ඉන්ධන මිල සූත්‍රය සහ පිරිවැය සැකැස්ම පිළිබඳව කාරක සභාව විසින් සිදු කරන ලද විමසීමකට පිළිතුරු දෙමින්.

ඇමැතිතුමා කියන දේවල් මම දන්නේ නැහැ.. චක්‍රලේඛය වෙනස් කරලා නිල වශයෙන් ලැබෙන තුරු අපිට හිතුමතේ වැඩ කරන්න බැහැ.. TIN නිසා කාර්යාලයක උණුසුම් තත්ත්වයක්

ඇමැතිතුමා කියන දේවල් මම දන්නේ නැහැ.. චක්‍රලේඛය වෙනස් කරලා නිල වශයෙන් ලැබෙන තුරු අපිට හිතුමතේ වැඩ කරන්න බැහැ.. TIN නිසා කාර්යාලයක උණුසුම් තත්ත්වයක්

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පවසා ඇත්තේ, පෙට්‍රල් ලීටරයක් සඳහා වන බද්ද ඒකාබද්ධ වූ විට ලීටරයකින් රුපියල් 145ක මුදලක් බදු ලෙස අය කෙරෙන බවයි.

එමෙන්ම ඩීසල් ලීටරයක් වෙනුවෙන් අදාළ බද්ද එක්ව ගත් කළ රුපියල් 128ක මුදලක් බදු වශයෙන් අය වන බවද ඔහු පැහැදිලි ක‍ර තිබෙන බව සඳහන්.

ඊට අමතරව, අදාළ ගණනය කිරීම් තුළ ණය පියවීම් සඳහා වෙන් කර ඇති රුපියල් 50ක මුදලක්ද අන්තර්ගත වන බව සභාපතිවරයා කාරක සභාව හමුවේ තහවුරු කළ බව වාර්තා වේ.

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්