ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු එළියට - ගුවන් යානා සහ සේවක වැටුප් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්! [VIDEO]

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සංඛ්‍යාව, ඒවා ලීසිං පදනම මත ලබාගෙන ඇති කොන්දේසි සහ ආයතනයේ සේවක සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක අද (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව නේරෝ බොඩි (Narrow Body) ගුවන් යානා 13ක් සහ වයිඩ් බොඩි (Wide Body) ගුවන් යානා 10ක් ඇතුළුව ගුවන් යානා 23ක් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ගුවන් යානා 23ට අදාළ ලීසිං කොන්දේසි සහ ගිවිසුම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

ඒ අනුව, එක් එක් ගුවන් යානයේ වර්ගය, ලියාපදිංචි කර ඇති ආකාරය, ලීසිං ගිවිසුම ආරම්භ කළ දිනය, ගිවිසුම අවසන් වන දිනය සහ ඒ සඳහා ගෙවනු ලබන ලීසිං ගාස්තුව ඇතුළු සියලු තොරතුරු සභාගත කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුඩු සල්ලිවලට යටවෙලා” - ඇමති ආනන්ද විජේපාලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

“කොටසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුඩු සල්ලිවලට යටවෙලා” - ඇමති ආනන්ද විජේපාලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවක සංඛ්‍යාව පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ආයතනයේ ස්ථිර සේවකයන් 5,345ක් සිටින බවයි.

ඊට අමතරව, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් 294ක් සහ සේවා සපයන්නන් 783ක් සිටින බවත්, ඒ අනුව සමස්ත සේවක හා සේවා සපයන පිරිස 7,442ක් වන බවත් ඔහු පැවසීය.

එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැටුප් සඳහා වාර්ෂිකව වැය වන මුදල පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කෙරිණි.

ඒ අනුව, පසුගිය වසර පහට අදාළ වැටුප් වියදම් ඇතුළත් තොරතුරු වගුවක් සභාගත කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම වගුවට අනුව, 2025/26 වර්ෂයේදී වැටුප් සඳහා රුපියල් මිලියන 30,531ක් වැය වී ඇති අතර, 2024/25 වර්ෂයේදී ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 26,979කි.

චීන තරුණ සමුළුවට ගිය පිරිස ගැන පාර්ලිමේන්තුව උණුසුම් වෙයි -අමාත්‍යාංශයේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයට විතරද අවස්ථාව දයාසිරි උදේම ගේම ඉල්ලයි

චීන තරුණ සමුළුවට ගිය පිරිස ගැන පාර්ලිමේන්තුව උණුසුම් වෙයි -අමාත්‍යාංශයේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයට විතරද අවස්ථාව දයාසිරි උදේම ගේම ඉල්ලයි