ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරාගේ කතාවට ලෝකයේම අවධානය - “අපට අවශ්‍ය අනුගාමිකයන් නොව වීරයන්” [VIDEO]

Report

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක මෙන්ම පරිසර සංරක්ෂණ ක්‍රියාකාරිනියකද වන මිෂෙල් දිල්හාරා ආර්මේනියාවේ පැවති එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවක් වන COP17 සඳහා සහභාගී වී තිබේ.

එහිදී ඇය සිදුකළ විශේෂ ප්‍රකාශයක් මේ වනවිට ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල අවධානයක් දිනාගෙන ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් ජනතාවගේ ක්‍රියාකාරී දායකත්වයේ වැදගත්කම අවධාරණය කරමින් ඇය ඉදිරිපත් කළ අදහස් බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

“අපට අවශ්‍ය අනුගාමිකයන් නොව වීරයන්” (We Need Heroes, Not Followers) යන තේමාව ඔස්සේ අදහස් දැක්වූ මිෂෙල්, සොබාදහම ආරක්ෂා කිරීම වෙනුවෙන් වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද දායක වීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

එහිදී ඇය අවධාරණය කර ඇත්තේ මිනිසාට නගර ඉදිකිරීමටත්, සාගර ජය ගැනීමටත්, අභ්‍යවකාශය ගවේෂණය කිරීමටත් හැකියාව තිබුණද, මිනිස් ජීවිතයට පදනම සපයන පෘථිවිය ආරක්ෂා කිරීමට නොහැකි නම් එම ජයග්‍රහණවලින් ඵලක් නොමැති බවයි.

සාරියට හුරු සායි පල්ලවී ලන්ඩනයේදී සිල්ක් කමිසයකටයි ජීන්ස්වලටයි මාරුවෙයි - කාගේත් ඇස් ඇය වෙතට යොමු වෙයි

සාරියට හුරු සායි පල්ලවී ලන්ඩනයේදී සිල්ක් කමිසයකටයි ජීන්ස්වලටයි මාරුවෙයි - කාගේත් ඇස් ඇය වෙතට යොමු වෙයි

වනාන්තර විනාශය, සාගර පරිසර පද්ධතිවලට සිදුවන හානි සහ ජීවී විශේෂ වඳවී යාම වැනි ගැටලු සම්බන්ධයෙන්ද ඇය සිය අදහස් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් දෙස නිහඬව බලා සිටින පරම්පරාවක් නොව, එම තත්ත්වය වෙනස් කිරීමට ක්‍රියා කළ පරම්පරාවක් ලෙස ඉතිහාසයට එක්වීමේ වැදගත්කමද ඇය පෙන්වා දී ඇත.

මේ අතර, පරිසර සංරක්ෂණය යනු පරිසර ක්ෂේත්‍රයේ නියැළෙන පුද්ගලයින්ට පමණක් සීමා වූ වගකීමක් නොවන බවද ඇයගේ සහභාගීත්වය තුළින් අවධාරණය වේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින්ටද ජෛව විවිධත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සහ සොබාදහම ආරක්ෂා කිරීම සඳහා සමාජය පෙළඹවීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය.

ඇයගේ මෙම ප්‍රකාශය ඇතුළත් සමාජ මාධ්‍ය පළකිරීම් සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, එම පණිවිඩය රටවල් 75කට අධික සංඛ්‍යාවක ජනතාව අතරට පැතිර ගොස් ඇති බවටද වාර්තා පළවී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක ලෙස පමණක් නොව පරිසර සංරක්ෂණය වෙනුවෙන් හඬ නඟන ක්‍රියාකාරිනියක ලෙසද මිෂෙල් දිල්හාරා ජාත්‍යන්තර වේදිකාවක අවධානය දිනාගැනීමට සමත්ව සිටියි.

"ජපානේ ඉඳලා නෙමෙයි වෙන මන්දාකිණියක ඉඳලා හරි වෙහෙරා වෙනුවෙන් මේ ආනා එනවා" කැම්පස් යාළුවගේ වෙඩිම දෙක වෙන්න නටලා සතුට පෙන්නපු සජිත ඇන්තනි

"ජපානේ ඉඳලා නෙමෙයි වෙන මන්දාකිණියක ඉඳලා හරි වෙහෙරා වෙනුවෙන් මේ ආනා එනවා" කැම්පස් යාළුවගේ වෙඩිම දෙක වෙන්න නටලා සතුට පෙන්නපු සජිත ඇන්තනි